Awurudu Auspicous Time - අවුරුදු නැකත් - Awurudu Nekath 2025
නව සඳ බැලීම
පරණ අවුරුද්ද සඳහා ස්නානය
පුණ්‍ය කාලය
සංක්‍රාන්ති කාලය හෙවත් නොනගතය වන්නේ අප්‍රේල් මස 14 වන අඟහරුවාදා දින පූර්ව භාග 03.08 සිට එදිනම අපරභාග 03.56 දක්වා වූ කාලයයි.
අලුත් අවුරුදු උදාව
අප්‍රේල් මස 14 වැනි අඟහරුවාදා දින පූර්වභාග 09.32 ට සිංහල අලුත් අවුරුද්ද උදාවෙයි.
ආහාර පිසීම
අප්‍රේල් මස 14 වෙනි අඟහරුවාදා දින පූර්ව භාග 10.41 ට රක්ත පැහැයෙන් යුත් වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා ලිප් බැඳ ගිනි මොළවා කිරිබතක් ද කැවිලි වර්ගයක් ද දීකිරි සහ විලඳ ද පිළියෙල කරගැනීම මැනවි.
වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය
අප්‍රේල් මස 14 වෙනි අඟහරුවාදා දින අපරභාග 12.05 ට රක්ත පැහැයෙන් යුත් වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා සියලු වැඩ අල්ලා ගණුදෙනු කොට ආහාර අනුභවය මැනවි.
හිස තෙල් ගෑම
අප්‍රේල් මස 15 වෙනි බදාදා දින පූර්ව භාග 06.54 ට පච්ච වර්ණ හෙවත් කොළ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා හිසට කොහොඹ පත් ද, පයට කොළොන් පත් ද තබා කොහොඹ පත් යුෂ මිශ්‍ර නානු ද තෙල් ද ගා ස්නානය කිරීම මැනවි.
රැකී රක්ෂා සඳහා පිටත්ව යෑම
අප්‍රේල් මස 20 වන සඳුදා දින පූර්ව භාග 06.27 ශ්වේත වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී කිරිබතක් හා එළකිරි මිශ්‍ර කැවිලි වර්ගයක් අනුභව කර දකුණු දිශාව බලා පිටත්ව යෑම මැනවි.
10.04.2026 දින යාවත්කාලීන කරන ලදී.
Updated on 10.04.2026
