Awurudu Auspicous Time - අවුරුදු නැකත් - Awurudu Nekath 2024
නව සඳ බැලීම
පරණ අවුරුද්ද සඳහා ස්නානය
පුණ්‍ය කාලය *
සංක්‍රාන්ති කාලය හෙවත් නොනගතය වන්නේ අප්‍රේල් මස 13 වන දින අපරභාග 2.41 සිට අප්‍රේල් 14 අළුයම 3.29 දක්වා වූ කාලයයි.
අලුත් අවුරුදු උදාව
අප්‍රේල් මස 13 වැනි ශනි දින අපරභාග 09.05 ට සිංහල අලුත් අවුරුද්ද උදාවෙයි.
ආහාර පිසීම
අප්‍රේල් මස 14 වෙනි ඉරු දින පූර්ව භාග 6.17 ට රතු සහ කහ මිශ්‍ර හෝ තඹවන් පැහැයෙන්ද යුත් වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා ලිප් බැඳ ගිනි මොළවා ගිතෙල් හා තලමිශ්‍ර කැවිලිද කිරිබතක් ද පිළියෙල කරගැනීම මැනවි.
වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය
අප්‍රේල් මස 14 වෙනි ඉරු දින පූර්වභාග 07.07 ට රතු සහ කහ මිශ්‍ර හෝ තඹවන් පැහැයෙන් යුත් වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා සියලු වැඩ අල්ලා ගණුදෙනු කොට ආහාර අනුභවය මැනවි.
හිස තෙල් ගෑම
අප්‍රේල් මස 15 වෙනි සඳු දින පූර්ව භාග 10.23 ට මුතු පැහැයට හුරු සුදු පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා හිසට දිවුල් පත් ද, පයට ඉඹුල් පත් ද තබා දිවුල් පත් යුෂ මිශ්‍ර නානු ද තෙල් ද ගා ස්නානය කිරීම මැනවි.
රැකී රක්ෂා සඳහා පිටත්ව යෑම
අප්‍රේල් මස 17 වන බුද දින පූර්ව භාග 06.54 ට කොළ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී ගිතෙල් සහ හකුරු මිශ්‍ර කිරිබතක් හා කැවිලි වර්ගයක් අනුභව කර උතුරු දිශාව බලා පිටත්ව යෑම මැනවි.
31.03.2024 දින යාවත්කාලීන කරන ලදී.
Updated on 31.03.2024
* සටහන්
- සම්ප්‍රදායානුකූලව මෙරටෙහි පුණ්‍යකාලය ලෙස ඉහත කාල පරාසය මෙතෙක් භාවිතා කළද නාරද පුරාණ , මුහුර්ත චින්තාමණී මූලාශ්‍රගත සිද්ධාන්ත අනුව අප්‍රේල් මස 13 වන දින මධ්‍යහ්න 12.11 සිට අපරභාග 6.19 තෙක් හිරු අවරට යාම දක්වා වූ කාලය නිවැරදි පුණ්‍ය කාලයයි. එකී කාලය තුල ආගමික වතාවත්, ආධ්‍යාත්මික කටයුතු, දානමය පුණ්‍යක්‍රියා, උපවාස ආදියේ නිරතවනු මැනවි.
- සංක්‍රාන්තියේ පූර්ව කොටසටත් හසුවෙන පරිදි පුණ්‍ය කාලය තුළ සවස 4.16 සිට 6.19 දක්වා යෙදෙන අති විශේෂ මහා පුණ්‍යකාල කොටස තුළ ඉහත වත් පිළිවෙත්හි වැඩි වශයෙන් නිරතවී සංක්‍රාන්ති දෝෂ අවම කරගන්න
- අප්‍රේල් මස 13 වන දින අපරභාග 2.41 සිට අප්‍රේල් 14 අලුයම 3.29 දක්වා සම්පූර්ණ නොනගතය තුළ කිසිදු ආහාර පානයක් නොගෙන සිටිය යුතුය යනුවෙන් පැහැදිලි සෘෂි නියමයක් නැත්තේය. නිර්මාංශමය, පහසුවෙන් දිරවන කලින් සකස් කරන ලද කෙටි ආහාරයක් පහසු පරිදි ලබාගැනීමේ වරදක් නොමැත.
- සංක්‍රාන්තිය රාත්‍රී කාලයේ බැවින් සුබ නැකැත් සාධනය සෘෂි නියමය අනුව දෝෂ සහිතවේ. සංක්‍රාන්තිය අවසන් වූ පසුව පසු දින සූර්‍ය උදාව සමඟ පහත පරිදි චාරිත්‍රානුකූලව සූර්‍ය මංගල්‍යය සමරනු ලැබේ.